Wednesday, July 27, 2011

.


ලන්ඩන් ඔලිම්පික් පදක්කම සූදානම්

එලැඹෙන වසරේ ලන්ඩන් නුවර පැවත්වෙන ඔලිම්පික් උළෙලේ දී ජයග්‍රාහකයනට පිරිනැමීමට නියමිත පදක්කම් ඊයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ජැක්ස් රොග් වෙත පිළිගන්වනු ලැබුවා.ඔහු ගේ නොමද ප්‍රශංසාවට ලක් වූ එම පදක්කම් බ්‍රිතාන්‍ය කලා ශිල්පී ඩේව්ඩ් වොට්කින්ස් විසින් නිර්මානය කර තිබෙනවා.

සුප්‍රකට තේම්ස් නදියද පසුබිම් කර ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම පදක්කම ජැක්ස් රොග් වෙත පිළිගැන්වීම සදහා සෙබස්තියන් කෝ සහ රජ පවුල වෙනුවෙන් කුමරියක ද එක් ව සිටි අතර මෙම පදක්කම එළැඹෙන වසරේදී 2100 දෙනෙකුගේ කර මත පැළදවීමට නියමිතව තිබෙනවා.ස්ථාන 30 ට වැඩි ප්‍රමාණයක දින 16 ක් ක්‍රියාත්මක මෙම ක්‍රීඩා උළෙලේ ඉසව් 302 ක් වෙනුවෙන් මෙම පදක්කම් ප්‍රමාණය පිරිනැමෙනවා.

Thu, Jul 28, 2011 at 7:03 AM